ශ්‍රී දළදා මාලිගාව
මුල් අවධියේ මහනුවර නගරය "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි
වර්ධනපුරය" නම් විය.
දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජුගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නම් ප්‍රදේශය
අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ඉදිකර ඇත. තවත් ජනප්‍රවාදයක් වන්නේ සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවය. තෙවැනි වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම්
දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාද වල සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහ ලෝකේෂ්වර නාථ
දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳිකර ඇත. අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. සම්මත වික්‍රමබාහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් වික්‍රමබාහු රජු විශාල මෙහෙයක් කර රජු ඇත. සතුරු උවදුරු හැරුනුවිට
අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ
වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම විය. දළඳා වහන්සේගේ භාරකරු රටේ
පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. ශ්‍රී දළදා මාලිගාවෙහි මඟුල් මඞුව හා පත්තිරිප්පුව
දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.
ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇති සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරදුන්ගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා
මාලිගාව යි.ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමු
විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයන් විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල්
වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ
ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමා විසින්ය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී
දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.දළදා
වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය,
දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
WIKIPEDIA වෙබ් අඩවියෙන් කළ උපුටා ගැනීමකි.
මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.
Wikipedia ඇසුරිණි.
බෝපත් ඇල්ල
බෝපත්
ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ
අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත. පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක්
නිදන් කර ඇත.එසේම එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.මෙම දිය
ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් වේ.
මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.
Wikipedia ඇසුරිණි.
No comments:
Post a Comment